FAST NEWS

24×7 Around the Globe

ඇමති විජයදාස රාජපක්ෂ සරත් ෆොන්සෙකාගෙන් මීලියන 500ක් ඉල්ලා නඩු මඟට.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව මිලියන 500 ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව අධිකරණ අමාත්‍ය,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව තමා ‍හොරෙකු ලෙස හඳුන්වමින් කළ ප්‍රකාශය හේතුවෙන් තමාගේ කීර්ති නාමයට හානියක් සිදුව ඇති බැවින් ඊට එරෙහිව නඩු පවරන ලෙස තමාගේ නීතිඥයින්ට උපදෙස් දී ඇති බව හෙ‍තෙම කියා සිටියේ අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.