ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කැබිනට් හමුවක් පැවැත්වීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
අද (07) ලග්ගලදී පැවති ජන හමුවකදී ජනාධිපතිවරයා පැවසුවේ, එම හමුව ලබන බදාදා (11) පවත්වන බව ය.
ඇවන්ට් ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් විවෘතව සාකච්ඡා කර අපක්ෂපාතී තීරණයක් ගැනීමට කැබිනට් මණ්ඩලයට අවස්ථාව ලබා දෙන බව ද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.







