FAST NEWS

24×7 Around the Globe

ජපානයෙන් ශ්‍රී ලාංකිකයින්ට දොර වසයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව , බංග්ලාදේශය සහ මාලදිවයිනේ සිට පැමිණෙන ගුවන් මගීන්ට රටට ඇතුලුවීමට අවසර නොදීමට ජපානය තීරණය කර ඇත.   

මේ අනුව මෙම රටවල දින 14ක් තුළ සංචාරය කල කිසිඳු පුද්ගලයෙකුට එරටට ඇතුළුවීමට අවසර නොලැබේ.

ඉන්දීය කොවිඩ් ප්‍රභේදය පැතිරීම වළක්වාලීම එහි අරමුණ බව ජපාන් රජය පවසයි.

ලබන සිකුරාදා සිට මෙම තහනම බලාත්මකවනු ඇත.

කෙසේවෙතත් ජපාන විදේශ කටයුතු අමාත්යංශය පවසන්නේ එරට ස්ථිර පදිංචි සහතිකය හිමි අයට PCR පරීක්ෂණයක් සිදු කර ගැනීමෙන් අනතුරුව අදාල රටවලින් පිටත දින 14ක නිරෝදයන කාලයකින් පසු නැවත සිය රටට ඇතුලු වීමට අවසර ලබාදීම සම්බන්දයෙන් සලකා බැලෙන බවයි.