FAST NEWS

24×7 Around the Globe

තීරණ රැසක් ගැනීමට අද විශේෂ කැබිනට් රැස්වීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශේෂ කැබිනට් රැස්වීමක් අද (18) පස්වරු 6.00ට පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.   

පෝර්ට් සිටි පනතට ගෙනෙන සංශෝධන කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යොමු කිරීම සඳහා මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වෙන බව ද රජයේ ආරංචි මාර්ග පවසයි.

පෝර්ට් සිටි පනත පිළිබඳ දෙදින පාර්ලිමේන්තු විවාදය හෙට (19) ඇරඹීමට නියමිතය.