FAST NEWS

24×7 Around the Globe

රජයේ වෙබ් අඩවි 4 කට සයිබර් ප්‍රහාරයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල පැවසුවේ කිසියම් කණ්ඩායමක් එම වෙබ් අඩවි විකෘති කර ඇති බවයි.    

සෞඛ්‍ය අමාත්‍යාංශය , විදුලිබල මණ්ඩලය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ රජරට විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිවල දත්ත මෙලෙස විකෘති කර ඇතැයි, අද අලුයම හඳුනාගත් බව ඔහු සඳහන් කළේය.

ඉන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විදුලිබල මණ්ඩල වෙබ් අඩවි මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇතැයි ද මීගස්මුල්ල මහතා සඳහන් කළේය.

මෙහිදී දත්ත සොරා ගැනීමක් සිදුව නැතත් දත්ත විකෘති කිරීමක් සිදුකර ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.