FAST NEWS

24×7 Around the Globe

හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කළ 141ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 223ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.   

ඒ සමග මේ දක්වා නිරෝධායනය රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 10,073ක් දක්වා ඉහළගොස් තිබේ.

විවිධ ස්ථාන පරීක්ෂා කිරීම්, ජංගම වෙළෙඳුන් සම්බන්ධ පරීක්ෂා කිරීම් සහ බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කළ වාහන පරීක්ෂා කිරීම් රැසක් ඊයේ දිනයේ සිදුවූ බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එහිදී බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කළ වාහන 2,049 පරීක්ෂා කර ඇත.

ඊයේ දිනයේ හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කර සංචරණ සීමා කඩ කරමින් ගමන් කළ 141ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.