FAST NEWS

24×7 Around the Globe

අයි.එස් සටන්කාමීහු ප්‍රහාර සඳහා විෂ වායු හාවිත කර ඇති බව හෙළි වේ.

සිරියා සටන් සඳහා  පසුගිය අගෝස්තු මාසයේදී යොදාගෙන ඇති බව රසායනික අවි පිළිබඳ විශේෂඥයෝ සඳහන් කරති.

අගෝස්තු මාසයේ ඇලෙප්පෝ පළාතේ මරියා නගරයේ ප්‍රහාර සඳහා මෙම මාරාන්තික වායුව යොදාගෙන ඇති බව  තොරතුරු හෙළිවී ඇත.

සිරියා සහ ඉරාක ගැටුම් වලදී අයි.එස් සටන්කාමීන් බොහෝ අවස්ථාවල රසායනික අවි භාවිත කරන බවට චෝදනා එල්ලවුවත් මෙවැනි වායුවක් භාවිත කළ ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තා වේ.

මෙම රසායනික ප්‍රහාරයේ දී සාමාන්‍ය වැසියන් සැළකිය යුතු පිරිසක් අනතුරට ලක්ව ප්‍රතිකාර ලබාගෙන ඇත.

ඇතැම් නිවාස වලට එල්ල වූ මෝටාර් ප්‍රහාරවලින් කහ පැහැති වායුවක් නිකුත්වූ බව එම ජනතාව  මාධ්‍ය වෙත පවසා තිබුණි.