FAST NEWS

24×7 Around the Globe

අවශ්‍යතාවය අනුව අන්තර් පළාත් බස් සේවා සහ දුම්රිය ගමන් වාර කිහිපයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද සිට අන්තර් පළාත් බස් රථ සේවා ක්‍රියාත්මක බව, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

මේ අතර, රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවක අවශ්‍යතාව අනුව, පිටපළාත්වල සිට බස් රථ ධාවනයට උපදෙස් දුන් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

මේ අතර, අත්‍යවශ්‍ය රාජකාරි සඳහා කොළඹට පැමිණෙන පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවකයින් වෙනුවෙන්, ප්‍රධාන නගර අතර අමතර දුම්රිය කිහිපයක් ධාවනයට එක් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.