FAST NEWS

24×7 Around the Globe

ගෙවුණු දින 5 ට කොරෝනා මරණ 100 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෙවුණු දින පහ තුළ මෙරට කොරෝනා මරණ 100 ඉක්මවා වාර්තා වී ඇත.   

පසුගිය සතිය තුළදී පමණක් මෙරටදී මියගිය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 157ක්.

එමෙන්ම දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ ඊයේ සටහන් වූ අතර, එම සංඛ්‍යාව 29 ක්.

එසේ වුවද වසංගත රෝග විද්‍යා අංශය සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ ඊයේ දිනයේ මරණ 31 ක් වාර්තාවී ඇති බවටයි.

මේ අතර ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් 555 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර, වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් හමුවූ ප්‍රදේශය ලෙස වාර්තාවන්නේ ගාල්ල – හබරාදූවයි.