FAST NEWS

24×7 Around the Globe

හැඳුනුම්පත් අංකයට අනුව බැහැරව නොයන අය අල්ලන්න සිවිල් නිළධාරීන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන සඳුදා (17) දිනයේ සිට ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අදාලව නිවසින් බැහැර වීමේ ක්‍රමවේදය අනුගමනය නොකරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.  

ඒ සඳහා නිල ඇඳුමින් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යොදවා ඇත.

කෙස‍ෙවෙතත් හුදෙකලා කර ඇති ඇති ප්‍රදේශයක සිටින කිසිඳු අයෙකුට තම නිවසින් බැහැරව යාමට අවසර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා අවධාරණය කළේය.