FAST NEWS

24×7 Around the Globe

බස්නාහිරින් පසු එන්නත්කරණය මහනුවර, කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතෙන් පසුව එන්නත්කරණ වැඩසටහන මහනුවර, කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.   

ඒ අනුව එම දිස්ත්‍රික්කවල තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල ජනතාවට එන්නත ලබාදෙනු ඇත.

මෙරට ජනගහණයෙන් මිලියන 13 ක පිරිසක් එන්නත්කරණයට ලක්කිරීම රජයේ සැලසුම බවද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.