FAST NEWS

24×7 Around the Globe

වහලක් කඩා වැටී කුඩා දරුවෙක් ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) – ගාල්ල මකුලුව ප්‍රදේශයේ මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලක ඉහළ මහලේ වහල මත සිට සරුංගල් යවමින් සිටි තුන් දෙනෙකු එම වහල කඩා වැටීමෙන් මියගොස් ඇති බව පොලිසිය පවසයි.   

එම අනතුරෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 40 සහ 43 වයැසති පුද්ගලයන් දෙදෙනකු සහ 5 හැවිරිදි දරුවෙකි.