(ෆාස්ට් නිව්ස් |හලාවත) – ඕස්ට්‍රේලියාවට යෑමේ අරමුණින් හලාවත ඉරණවිල නිවසක රහසිගතව සැඟව සිටි පුද්ගලයන් 29 දෙනෙකු සොයාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකියාව ලැබී ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශවලට ලැබුණු තොරතුරක් මත ඊයේ (13) පස්වරුවේ ඉරණවිල ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමට යාමේදී එම නිවසේ ඔවුන් සිට ඇති අතර නාවික හමුදාව ඔවුන් පරික්ෂා කිරීමට පෙරම ඔවුන් නිවසින් පළාගොස් තිබිණි.
මේ සමග වහා ක්‍රියාත්මක වූ නාවික හමුදා නිලධාරීන් ඉරණවිල ගම්වැසියන්ගේ හා හලාවත පොලීසියේ සහාය ඇතිව පුද්ගලයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබේ.
අනෙක් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (14) අළුයමය.
මේ පිරිස මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා හලාවත පොලීසියට භාර දී තිබේ.








