FAST NEWS

24×7 Around the Globe

සතොස මගින් 5000 ක සහන මල්ලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචරණ සීමා හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රුපියල් 5000 ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් තවත් සහන මල්ලක් වෙළඳ අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇත.   

දිවයිනේ සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල , ග්‍රාම සේවා නිලධාරීන් සහ සමෘදි නිලධාරීන් විසින් මෙම සහන මල්ලේ බෙදාහැරීම සිදු කරන බව වෙළඳ අමාත්‍යාංශය නිවේදනයක් මගින් සඳහන් කරයි.

සතොස අලෙවිසැල් ජාලය මගින් නිකුත් කරන මෙම සහන මල්ල සඳහා සහල් කිලෝ 15ක් , සීනි කිලෝ 2ක් , පාන්පිටි කිලෝ 5ක් , බී ලූණු කිලෝ 3ක් ඇතුලුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 20ක් අන්තර්ගතයි.