FAST NEWS

24×7 Around the Globe

අයහපත් කාළගුණයත් සමග ජලාශ 05ක වාන් දොරටු විවෘත කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ 05 ක වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කරයි.    

අධික වැසි සමග නෝර්ටන්, කැනියන්, කුකුලේ ගඟ සහ උඩවලව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති අතර , ඊට අමතරව දැදුරු ඔයේ වාං දොරටු 04ක් ද මේ වනවිට විවෘත කර ඇත.

ගිං ගඟේ බද්දේගම ජල මාපකයේ අගය මේ වන විට පිටාර මට්ටම ඉක්වමා ගොස් ඇති බවද සඳහන්.

පැවති වර්ෂාවත් සමඟ කැළණි ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙසින් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව කොළඹ වත්තල, බියගම කොළොන්නාව, කඩුවෙල සීතාවක දොම්පේ රුවන්වැල්ල සහ දෙහිඕවිට ප්‍රදේශවල ගඟ දෙපස පහත් බිම්වල ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බව නිවේදනය කරයි.

කැළණි ගඟේ ජල මට්ටම සම්බන්ධයෙන් කළ අනතුරු ඇඟවීම පහතින්.