අලුත්ගම පෞද්ගලික සේවකයින් ආරම්භ කළ වර්ජනය අදත් ක්‍රියාත්මක බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
පෞද්ගලික බස් රථ සේවකයින් පිරිසකට ලංගම සේවකයින් පිරිසක් පහර දුන් බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය මෙම වර්ජනය ආරම්භ කළේ ය.
ඒ අනුව අලුත්ගම – කොළඹ, අලුත්ගම – මතුගම, අලුත්ගම – කළුතර ඇතුළු අලුත්ගම සිට ගමන් අරඹන පෞද්ගලික බස් රථ ඊයේ පෙරවරුවේ සිට ධාවන කටයුතුවලින් ඉවත්ව සිටියේ ය.







