FAST NEWS

24×7 Around the Globe

බස් රථ සීමා වෙයි – අද සිට අමතර දුම්රිය 5 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා සංචරණ සීමා පැනවීමට නියමිත බැවින් අද (13) දිනයේ සිට බස් රථ ධාවනය තවත් සීමා කිරීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.   

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කෙරුණ ද, අද දිනයේ සිට අමතර දුම්රිය 5 ක් ධාවනය සඳහා යෙදවීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය පියවර ගෙන ඇත.

ඒ අනුව උප දුම්රිය ස්ථාන හැර ප්‍රධාන දුම්රිය ස්ථානවල පමණක් නතර කෙරෙන මෙම දුම්රියවල ගමන් කරන පුද්ගලයන් තම අනන්‍යතාවය රාජකාරී හැඳුනුම්පත හා ආයතන ප්‍රධානියාගෙන් ලබාගත් සහතිකය ඔස්සේ තහවුරු කළ යුතුයි.

ඒ අනුව, අද පෙරවරුවේ මහනුවර සිට කොළඹ කොටුව, මහව සිට කොළඹ කොටුව, හලාවත සිට කොළඹ කොටුව, බෝලවත්ත සිට පුත්තලම අතර මෙන්ම බෙලිඅත්ත සිට මරදාන දක්වා අමතර දුම්රිය 5 ක් යොදවා ඇත.

එමෙන්ම, පස්වරු කාලයේ මෙම දුම්රිය පැමිණි ගමනාන්ත දක්වා නැවත ගමන් කරන බවද ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි.