FAST NEWS

24×7 Around the Globe

හබරණ බස් ගැටුමකින් 23න් දෙනෙකුට තුවාල.

පොළොන්නරුව හබරණ ප‍්‍රධාන මාර්ගයේ 25 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ අද උදෑසන රිය අනතුරක් සිදුව තිබේ.

එම අනතුරින් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇති අතර ගැබිනි කාන්තාවක් ඇතුළු කාන්තාවන් පස් දෙනෙකුද සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.

කොළඹ සිට පොලොන්නරුව බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ පොළොන්නරුවේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු විය.

තුවාල ලැබූවන් මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ ප‍්‍රතිකාර ලබයි.