FAST NEWS

24×7 Around the Globe

හෙට රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.   

කෙසේවෙතත් එළවළු, පලතුරු ප්‍රවාහනය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි බව ඔහු කියා සිටියේය.

එසේ වුවද එම කාලය තුළ දී බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කෙරෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.