FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම අද (12) අලුයම සිට අත්හිටුවීමට කටයුතු කර ඇත.  

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සඳහන් කලේ එම රටවල් විසින් ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ගුවන් යානාවලට තහණමක් පණවා තිබීම ඊට හේතුව බවයි.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය / සිංගප්පූරුව / ඉතාලිය / පිලිපීනය සහ ඕස්ට්‍රේලියාව වෙත ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවා ඇත.

එහෙත් එම රටවල සිට තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ගුවන් මගීන්ට පැමිණීමට අවසර හිමිවෙයි.