FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ධාවනයෙත් සීමා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –සංචරණ සීමා පැනවීමත් සමඟ පළාත් අතර දුම්රිය ධාවන කටයුතු ද අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවිමට තීරණය කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය සිදුකිරීමට සැලසුම් කර ඇති බවය.

මේ අතර අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස්රථ ධාවනය අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.