FAST NEWS

24×7 Around the Globe

මාස 3ක බිලිඳෙක් ද සමගින් ඊයේ මෙරටින් කොවිඩ් මරණ 26ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් තවත් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ. එම මරණ අතර මාස 3 ක බිළිඳියකු ද වෙයි.   

ඊයේ (10) දිනයේ එම මරණ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

එම මරණ මැයි 03 වනදා සිට ඊයේ (10) දක්වා වාර්තා වී ඇති බව ඔහු පවසයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 827කි.