FAST NEWS

24×7 Around the Globe

රටපුරාම නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමේ තීරණයක් නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටපුරාම නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමේ කිසිදු අදහසක් නොමැති බවත් ඉදිරි දින කිහිපයේදී දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීම සිදුකරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන්කර සිටියි.