FAST NEWS

24×7 Around the Globe

ආයතනික විභාග දින නියමයක් නොමැතිව කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විභාග දෙපාර්තමේන්තුව විසින් 2021 මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආයතනික විභාග දින නියමයක් නොමැතිව කල් දැමූ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.  

එලෙස කල් දැමූ ආයතනික විභාග පැවැත්වෙන දින පසුව දැනුම් දෙනු ලබන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.