FAST NEWS

24×7 Around the Globe

මෙරට කොවිඩ් එන්නත් මාත්‍රා 02ම ගත් පිරිස ලක්ෂ 02 කට ආසන්න වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (09) දිනයේදී මෙරට තවත් පුද්ගලයන් 5902 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත් දී ලබාදී අවසන්. 

ඒ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 1641 දෙනෙකුට , සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 2876 කට ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 1385 දෙනෙකුට ලෙසයි.

මේ අනුව දැනට ශ්‍රී ලංකාවේදී පුද්ගලයන් එක් ලක්ෂ 96 ,546 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා දෙකම දී ඇති අතර සයිනොෆාම් එන්නතේ මාත්‍රා 02 ම පුද්ගලයන් 2435 දෙනෙකුට හා ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 4381 දෙනෙකුට ලබාදී ඇත.