FAST NEWS

24×7 Around the Globe

කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවෝ අත්අඩංගුවට.

කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධ  සියලු සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන අවසන් බව පොලීසිය, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබේ.
සිද්ධියට අදාළව ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර පොලීසිය මේ බව දැනුම් දී ඇති බව සඳහන්ය.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීම සඳහා නියමිතව සිටි සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කළ අනුරාධපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරණ විමර්ශන කටයුතු අවසන් අදියරේ පවතින බව ද අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

එහිදී අද අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා ලබන 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නදීකා පියරත්න මහත්මිය නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

ඒ අනුව වසන්ත සොයිසා ඝාතන සිද්ධියට අදාළව සැකකරුවන් 37දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.