FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතව නිවෙස්වල සිටී නම් අනිවාර්යෙන්ම මේ උපදෙස පිළිපදින්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ආසාදිතව තවමත් නිවෙස්වල සිටින පුද්ගලයින් නිවසේ සෙසු සාමාජිකයින්ගෙන් වෙන් වී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා සඳහන් කළේ , එසේ නොවුණහොත් වෛරසය ව්‍යාප්තවීමේ අවදානම තවදුරටත් ඉහළ යාහැකි බවයි.