FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය වෛරස ප්‍රභේදය ආසාදිතයකු පළමුවරට ශ්‍රී ලංකාවෙන් හමුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ මේ වන විට සීග්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ් 19 නව වෛරස ප්‍රභේදය මෙරට නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙකුගෙන් හමුවී තිබේ.   

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සඳහන් කළේ ඉන්දීය කොවිඩ් වෛරස ප්‍රභේදය මෙරටින් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන බවයි.

විදේශයක සිට පැමිණ මෙරට නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකුගෙන් ලබාගත් සාම්පලවල මෙම ඉන්දීය කොවිඩ් වෛරස ප්‍රභේදය තිබී හමු වූ බවද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සඳහන් කළේය.