FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | යාපනය) – යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.   

පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත එම තීරණය ගත් බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව රාජ්‍ය වෙසක් උත්සවය වෙනත් ස්ථානයක පැවැත්වීමට ඉදිරියේදී සැලසුම් කරන බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සඳහන් කළේය.