FAST NEWS

24×7 Around the Globe

සියලු පාසල් ,සරසවි සහ උපකාරක පන්ති යළි දැනුම්දෙන තුරු වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ සියලු පාසල් ,විශ්ව විද්‍යාල ,පිරිවෙන් ,පෙරපාසල්, සහ උපකාරක පන්ති නැවැත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේය.   

දිවයිනේ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇත.

යළි ආරම්භ කරන දිනය , දින 3 කට පෙර දැනුම්දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.