FAST NEWS

24×7 Around the Globe

කොරෝනා නීති නොතකන අය සොයා මෙහෙයුම් [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සෙවීම සදහා ඩ්‍රෝන යානා යොදා ගැනීමට යුධ හමුදාව සහ පොලීසිය කටයුතු ආරම්භ කර ඇත.   

ඒ අනුව අද (06 ) පෙරවරුවේ බිංගිරිය ප්‍රදේශයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

යුධ හමුදා කාලතුවක්කු බළකාය විසින් ඩ්‍රෝන යානා යොදා ගෙන නීරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා බැලීම සිදු කළ අතර , නීරෝධායන නීති උල්ලංඝනය කරමින් විවිධ ස්ථාන වල රැස්වී සිටින පිරිස් විසුරුවා හැරීම සඳහා යුධ හමුදා සහ පොලිස් යතුරු පැදි කණ්ඩායම් යෙදවීමට පියවරගෙන ඇත.