FAST NEWS

24×7 Around the Globe

රිශාඩ්ට පාර්ලිමේන්තු එන්න කිසිඳු බාධාවක් නෑ – නීතිපති දැනුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගීවීමට කිසිදු බාධාවක් නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් දැනුම්දීමක් සිදුකර ඇත.   

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා කල විමසීමකට පිළිතුරු දෙමින් නීතිපතිවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කර සිටියේ.