FAST NEWS

24×7 Around the Globe

තවත ප්‍රදේශ 12 ක් හුදෙකලා කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කළ බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. 

ඒ අනුව දිස්ත්‍රික් 04 ක ග්‍රාම නිලධාරී වසම් 12 ක් හුදෙකලා කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ, මහරගම පොලිස් බල ප්‍රදේශයේ, පමුණුව ග්‍රාම නිලධාරී වසම සහ එම දිස්ත්‍රික්කයේම පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හොන්නත්තර සහ දැල්තර ග්‍රාම නිලධාරී වසම් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවෙල පොලිස් බල ප්‍රදේශයේ කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම ද අද උදෑසන හුදෙකලා කෙරිණි.

මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇත්තේ , ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයේ පල්ලේගම , උඩගම සහ නව නගරයයි.

එම දිස්ත්‍රික්කයේම පනාමුර පොලිස් බල ප්‍රදේශයේ , වලල්ගොඩ , සුදුගල සහ පානාමුර සහ රත්මග ග්‍රාම නිලධාරීන් වසම් අද උදෑසන සිට හුදකලා කෙරුණි.

වව්නියාව දිස්ත්‍රික්කයේ පුවරන්කුලම් පොලිස් බල ප්‍රදේශයේ කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම ද මේ වන විට හුදකලා කර ඇතැයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.