FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් මාර්ගෝපදේශ රකින්න සියලු පොලිස් ස්ථානවලට චක්‍රලේඛ 02 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටතුල කොවිඩ් වසංගතයේ තුන්වන අවදානම් මට්ටම සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 01 වනදා නිකුත් කළ නව මාර්ගෝපදේශමාලවට අදාළව පොලිස් මූලස්ථානය දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළදාරින් වෙත විශේෂ චක්‍රලේඛ 02 ක් ඊයේ දිනයේදී යොමුකර ඇත.   

නව සෞඛ්‍ය මාර්ගොපදේශ අනුව සියලුම ආකාරයේ සාද පැවැත්වීම තාවකාලිකව තහනම් කර ඇති අතර එම නියෝගය කඩ කරන තැනැත්තන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් මූලස්ථානය විසින් ඊයේ දින යොමුකළ එක් චක්‍රලේඛයක් මගින් උපදෙස් දී තිබේ.

නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් පොදු ප්‍රවාහන සේවා සහ කුලීරථවල පුද්ගලයින් ප්‍රවාහනයට අදාළව පනවා ඇති සීමාවන් උල්ලංඝණය කරන තැනැත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස දැනුම් දෙමින් අනෙක් චක්‍රලේඛය ඊයේ දින යොමුකර ඇති බවයි.