පිට පිටම තුන්වන වරටත් ලෝකයේ බලවත්ම පුද්ගලයා ලෙස ෆෝබ්ස් සඟරාව රුසියා ජනපති ව්ලැඩිමිර් පුටින් නම් කර තිබෙනවා.තමාට හැකි දේ උපරිම මට්ටමෙන් ක්‍රියාත්මක කිරීම සහ ලෝකයේ බලවත්ම රාජ්‍යයක් ලෙස තම රට නඟාසිටුවීම රුසියා ජනපතිවරයා කටයුතු කිරීම ඔහු මෙසේ ලොව බලවත්ම පුද්ගලයා ලෙස තුන්වන වරටත් නම් කිරීමට හේතු වූ බව ෆෝබ්ස් සගරාව පෙන්වා දෙනවා.
ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් මෙහි දෙවන ස්ථානය ලබාගෙන ඇති අතර ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි.ශුද්ධ වූ අති උතුම් ෆැන්සිස් පාප් වහන්සේ ලොව හතරවන බලවත්ම පුද්ගලයා ලෙස තේරී පත්ව ඇති බවයි එම සගරාව පෙන්වා දෙන්නේ.







