FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික ආයතනවල සෞඛ්‍ය කමිටු පිහිටුවන්න උපදෙස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමග සේවකයින්ගේ ආරක්ෂාව සඳහා පෞද්ගලික ආයතන තුළ සෞඛ්‍ය කමිටු පිහිටුවන ලෙස කම්කරු දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.   

කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කම්කරු නිලධාරින් සොයාබැලීම් සිදුකරන බවයි.

කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මෙම වසරේ අප්‍රේල් දක්වා පෞද්ගලික අංශයේ සේවකයින් 12,000 ත් 14,000 ත් අතර ප්‍රමාණයකට බලපෑම් එල්ලවී ඇති බවද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.