FAST NEWS

24×7 Around the Globe

විල්පත්තු අධි සංවේදි කලාපයේ කිසිවෙකු පදිංචි නෑ – වනජීවි ඇමති

විල්පත්තු අභය භූමිය තුළ අධි සංවේදී කලාපයේ කිසිවෙකු පදිංචි වී නැතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අද (05) පාර්ලිමේන්තුවේ දී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

මෙහිදී කැබිළිත්ත දේවාල භූමිය ප්‍රදේශයේ සිදු වී ඇති පරිසර හානිය පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමු කළ මන්ත්‍රී බුද්ධික පතිවරණ මන්ත්‍රීවරයා, මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ කුමක්දැයි ප්‍රශ්න කළේ ය.

මේ පිළිබඳව පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කැබිළිත්ත පූජාභූමිය අවට ආරක්ෂා කිරීමට ඒ අවට දැඩි පාලනයෙන් ක්‍රියාකරන බවත් පිරිසිදු කිරීමට පියවර ගන්නා බවත් පැවසී ය.