FAST NEWS

24×7 Around the Globe

කම්කරු කාර්යාලයෙනුත් සීමා පනවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටේ පවතින කොවිඩ් වසංගතය හමුවේ කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා සීමා කර ඇත.   

ඒ අනුව ප්‍රධාන කම්කරු කාර්යාලයට හා දිස්ත්‍රික් කාර්යාල සදහා පැමිණෙන සේවාලාභින් ප්‍රමාණය සීමා කිරීමටයි තීරණය කර ඇත්තේ.

සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනිම සදහා ප්‍රධාන කාර්යාලය හෝ පළාත් / දිස්ත්‍රික් කාර්යාල වෙත පැමිණිමට පෙර ජනතාව දිනයක් හා වේලාවක් වෙන් කරවා ගත යුතු අතර ඊට අදාල දුරකථන අංක මාළාව කම්කරු දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.