FAST NEWS

24×7 Around the Globe

HNDA ඩිප්ලෝමාව උපාධියක් කීරීමට කැබිනට් අනුමැතිය.

උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාව සඳහා උපාධි සමානතාවය ලබාදීම සඳහා විෂයභාර අමාත්‍යවරයා ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය ආරංචි මාර්ග වාර්තා කරයි.

උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාවට ලබා දී තිබු උපාධි සමානතාවය අහෝසි කිරීමට පසුගිය රජය ගත් තීරණය නිසා ඇති වූ ගැටලුව නිරාකරණය කිරීම සඳහා නව රජය වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන තිබේ.