FAST NEWS

24×7 Around the Globe

දිවයිනට පැමිණෙන ගුවන් මගීන් සංඛ්‍යාව අද සිට සීමා කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (03) සිට සති දෙකක් යනතුරු ගුවන් යානයකින් එකවර ශ්‍රී ලංකාවට ගෙන ආ හැකි මගීන් ගණන 75 කට සීමා කර ඇත.    

සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සියලු ගුවන් සමාගම් සඳහා එය දැනුම් දී තිබේ.

මීට පෙර මෙරටට පැමිණෙන ගුවන් යානයකට උපරිම වශයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් 75ක් සහ ඊට අමතරව විදේශීය සංචාරකයින් රැගෙන ඒමට ද අවසර ලබාදී තිබුණි.

නව සීමා කිරීම්වලට යටත්ව අද සිට දිවයිනට පැමිණිය හැක්කේ එක් ගුවන් යානයකින් ශ්‍රී ලාංකික පුරවැසියන් සහ විදේශීය සංචාරකයින් 75 දෙනෙකුට පමණයි.