FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන නීති කැඩූ බස්නාහිර ආයතන 2023 කට නීතිමය පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝණය කළ බස්නාහිර පළාතේ ව්‍යාපාරික ආයතන 2023 ක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසයි.   

බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ඊයේ සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමකදි මෙම ආයතන මෙලෙස හඳුනාගෙන ඇත.

මෙම මෙහෙයුමේදි පුද්ගලයන් 26 දෙනෙක් අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.