FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ නාම්පමුණුව සහ ගොරකාපිටිය යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම, ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ගොඩහේන සහ තල්ගස්ගොඩ යන ග්‍රාම නිලධාරී වසම් ද මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙනු ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය සහ කදිරාපුර ග්‍රාම නිලධාරී වසම් ද මෙලෙස හුදෙකලා කර ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කර ඇති බව යුධ හමුදාපතිවරයා නිවේදනය කරයි.