FAST NEWS

24×7 Around the Globe

රිෂාඩ් නිදහස් කරන්නැයි ඉල්ලමින් කොළඹදී විරෝධතා [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්අඩංගුවට ගෙන සිටින සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නිදහස් කරන ලෙස බල කිරීමේ විරෝධතා උද්⁣ඝෝෂණයක්, කොළඹ දවටගහ පල්ලිය අසළදී අද (30) පස්වරුවේ සංවිධානය කර තිබුණි.   

මෙම උද්ඝෝෂණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න , මුජිබර් රහුමන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

රිෂාඩ් බදියුදීන් මහතාව නිදහස් කරන ලෙසට ඉල්ලමින් වව්නියාව සහ මන්නාරම් ප්‍රදේශයේ ජනතාව ද උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කර තිබුණි.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන්ට ආධාර අනුබල දෙන ලදැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් රිෂාඩ් බදුයුදීන් මහතා සහඔහුගේ සොහොයුරු රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 24 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබූහ.ඉන් අනතුරුව එම දෙපාර්තමේන්තුව දෙදෙනා දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා ගත්තේය.