FAST NEWS

24×7 Around the Globe

විරෝධතා පාගමනක් බොරැල්ල අවහිර කරයි.

විරෝධතා පාගමනක් හේතුවෙන් බොරැල්ල ඥානාර්ථප්‍රදීපය මාවත හා බොරැල්ල අතර මරදාන දෙසට වාහන දිවෙන මංතීරුව අවහිර වී තිබේ.

මෙලෙස මාර්ගය අවහිර වී ඇත්තේ අගලවත්ත වතු සමා‍ගමේ සේවකයින් විරෝධතාවක් හේතුවෙන්.

අගලවත්ත වතු සමාගමට අයත් සේවකයින්ගේ ඊ.පී.එෆ් හා ඊ.ටී.එෆ් මුදල් වසර 3න් ගෙවා නැති බව පවසමින් ඔවුන් විරෝධතාවයේ නිරත වෙයි.

අදාළ සමාගමේ හිමිකරු වන හිටපු බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් විසින් මිලියන 300 ක පමණ මුදලක් ගෙවිය යුතුව ඇති බව සේවකයින් චෝදනා කරයි.