FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

(ෆාස්ට් නිව්ස් |මාතලේ) – මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාවුල යන පොලිස් වසම් මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.   

ඔහු කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් වසමද හුදකලා කර ඇති බවයි.

ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව සහ ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම් මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාන්ඩුව පොලිස් බල ප්‍රදේශයේ එලමුල්ල ග්‍රාමසේවා නිලධාරී වසමද හුදෙකලා කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මීට අමතරව, කොවිඩ් ආසාදිතයන් 1531 දෙනෙකු ඊයේ දිනයේ වාර්තාවීමත් සමඟ දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ වාර්තාව වාර්තා විය.