FAST NEWS

24×7 Around the Globe

මැතිසබෙත් සීමාවන ලකුණු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා අවදානම හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දිනකට හෝ දෙකකට සීමා කිරීම කෙරෙහි එහි ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.    

කෙසේ වෙතත් මේ පිළිබඳ අවසාන තීරණය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  හෙට පෙරවරු 9.30ට රැස්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ගන්නා බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

මීළඟ පාර්ලිමේන්තු රැස්වීම් ලබන මස 4 වෙනිදා සිට 7 වෙනිදා දක්වා පැවැත්වීමට මුලින් තීරණය කර තිබිණ