FAST NEWS

24×7 Around the Globe

රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර පහසුකම් ඉහළ දැමීමට පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර පහසුකම් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  

එසේම අවශ්‍ය වුවහොත් තෝරාගත් සංචාරක හෝටල් ද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කරන බව ‍ද ඔහු සඳහන් කළේය.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති වේයැයි අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසට යුද හමුදාපතිවරයා ඉල්ලා සිටියි.

ඔහු කියා සිටියේ මේ වනවිටත් රෝහල් පද්ධතිය තුළ අවශ්‍ය ධාරිතාව වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි.