මාලදිවයිනේ පවතින දේශපාලනික වියවුල්භාවය හේතු කර ගනිමින් එරට ජනාධිපති අබ්දුල්ලා යමීන් විසින් විසින් ඊයේ (04) දින 30 ක් බල පැවැත්වෙන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් පැන නැගී ඇති බැවින් ඊයේ සිට දින 30ක කාල සීමාවකට බලපැවැත්වෙන පරිදි මාලදිවයින රාජ්‍ය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එරට ස්වදේශ කටයුතු අමාත්‍ය උමාර් නසීර් විසින් ද මේ බව විදෙස් මාධ්‍ය වෙත තහවුරු කර තිබේ.







