FAST NEWS

24×7 Around the Globe

චීන ආරක්ෂක ඇමති සහ රජයේ ඉහළ නියෝජිතයන් අතර අද සාකච්ඡා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග් මහතා ඇතුලු එරට දූත පිරිසක් දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (27) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.  

දිවයිනට පැමිණි චීන දූත පිරිස අතර එරට ඉහළපෙලේ නිළධාරින් 37 දෙනෙකු ඇතුලත්.

අද දිනයේදී ශ්‍රී ලංකා රජයේ ඉහළපෙලේ නියෝජිතයින් සහ චීන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

සිය නිල සංචාරය නිමවා චීන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස හෙට (29) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.