කැනඩාවේ නව අගමැති ජස්ටින් ට්රුඩෝ තම ආරක්ෂක ඇමැති වශයෙන් තෝරාගෙන ඇත්තේ එරට පුරවැසිභාවය ලබා කැනඩාවේ හැදී වැඩි පසුව කැනඩා පොලිස් සේවයේ සහ යුද හමුදාවේ සේවය වෙනුවෙන් ගෞරව බුහුමානයට ලක්වූ ඉන්දිය ජාතික හර්ජිත් සිං සජාන්ය.
1970 වේදී ඉන්දියාවේ උපත ලද ඔහු කැනඩාවට පැමිණියේ වයස අවුරුදු පහේදිය. වැන්කුවර්හි ජීවත්වූ ඔහු මුලික අධ්‍යාපනය අවසන් කළ පසු කැනඩා පොලිස් සේවයට බැඳී රහස් පරීක්ෂකයකු ලෙස කටයුතු කර ඇත. 1989 දී ඔහු කැනඩා යුද හමුදාවට බැඳී ඇත.







